VOG.LKReels

ගැබ් ගෙන ඇති බව දැනගත් පසු කළ යුත්තේ මොනවාද?

ගැබ් ගත් මුල් සති කිහිපයේ රැකියාව, ආහාර සහ ව්‍යායාම පුරුදු පරිදි කරගෙන යන්න පුළුවන්. මුලින්ම ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කර ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී ලියාපදිංචි වන්න. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්වයක් ඇත්නම් හෝ ඖෂධ ගන්නේ නම් ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවන්න. වහාම ස්කෑන් කිරීම අවශ්‍ය නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK