ගර්භණී සමයේදී අමතර පෝෂණයක් අවශ්‍යද?
ගර්භණී සමයේ වැඩිපුර අවශ්‍ය වෙන්නේ ෆෝලික් ඇසිඩ්, ප්‍රෝටීන්, යකඩ සහ කැල්සියම් වැනි පෝෂක කිහිපයක් පමණයි. දරුවාගේ මොළය සහ සුෂුම්නාව මුල් සති 4 පමණ කාලයේ වර්ධනය වෙන නිසා ෆෝලික් ඇසිඩ් ගැබ් ගැනීමට කලින් සිටම ලබා ගත යුතුයි. අනෙක් විටමින් සහ කාබෝහයිඩ්‍රේට් කලින් ගත් ප්‍රමාණයම ප්‍රමාණවත්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK