VOG.LKReels

සාමාන්‍ය දරු ප්‍රසූතිය ගැන ඔබ දැනගතයුතු දේ..

සාමාන්‍ය දරු ප්‍රසූතිය යනු දරුවා හිස පහළට සිටින ලෙස යෝනි මාර්ගය හරහා ස්වභාවිකව බිහි වීමයි. මෙය සිදු වෙන්නේ දරු ගැබට සති 39-40ක් පමණ වූ විට ප්‍රසව වේදනාව ඉබේම ඇති වීමෙන්. බහුතරයක් මව්වරුන්ට සිසේරියන් සැත්කමක් අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රසූතියේදී සිදු වෙන දේ කලින් දැන සිටීමෙන් මවගේ බිය සහ මානසික ආතතිය අඩු වෙනව.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK