ඩිම්බ කෝෂයේ ගෙඩි හඳුනාගන්නේ කෙසේද?
ඩිම්බ කෝෂයේ ගෙඩි බොහොමයක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට හඳුනා ගන්නේ ස්කෑන් පරීක්ෂණයකදී. ගෙඩිය විශාල නම් උදරය විශාල වීම, උදරයේ වේදනාව හෝ නිතර මුත්‍රා පිටවීම ඇති වෙන්න පුළුවන්. ඔසප් වීම සමග අධික වේදනාවක් හෝ දරු ඵල පමා වීමක් ඇත්නම් වෛද්‍ය වරයා ස්කෑන් පරීක්ෂණයක් නිර්දේශ කරාවි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK