VOG.LKReels

ගර්භණී සමයේදී ස්කෑන් පරීක්ෂණ දරුවාට හානිකරද?

ගර්භණී සමයේ ස්කෑන් පරීක්ෂණ නිසා මවට හෝ දරුවාට හානියක් වෙන්නේ නැහැ. ස්කෑන් යන්ත්‍රය භාවිතා කරන්නේ ultrasound නැතිනම් අපට නොඇසෙන ශබ්ද තරංගයි. X-ray වැනි විකිරණ භාවිතා කරන්නේ නැහැ. අවුරුදු 40කටත් වැඩි කාලයක් මෙම පරීක්ෂණය ආරක්ෂිතව සිදු කරනව. නමුත් ගර්භණී සමයේ මුල්ම කාලයේ Doppler ස්කෑන් වැඩි වෙලාවක් භාවිතා කරන්නේ නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK