ඩිම්බ කෝෂයේ ගෙඩි ඔසප් චක්‍රයට බලපානවාද?
ඩිම්බ කෝෂයේ ගෙඩියක් තිබූ පමණින් සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔසප් චක්‍රය පාලනය වෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය, හයිපොතැලමස සහ ඩිම්බ කෝෂ වල හෝමෝන මගින්. ගෙඩියෙන් විශේෂ හෝමෝනයක් නිපදවන්නේ නැත්නම් එයට බලපෑමක් නැහැ. නමුත් ඔසප් වන දිනයේ අධික වේදනාවක් ඇති වීම එන්ඩොමෙට්‍රියෝසිස් ගෙඩියක ලක්ෂණයක් වෙන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK