ගර්භාෂයේ ගෙඩි හඳුනාගන්නේ කෙසේද?
ගර්භාෂයේ ගෙඩි මුලින්ම හඳුනා ගන්නේ රෝග ලක්ෂණ මගින්. ඔසප් වීම සමග අධික රුධිර වහනය, අධික වේදනාව සහ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම මෙයට අයත්. ගෙඩිය විශාල වුවහොත් උදරය විශාල වීම හෝ නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම වැනි අවට අවයව තෙරපීමේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK