දරුවෙකු බලාපොරොත්තු වන විට ඖෂධ අවශ්‍යද?
නිර්දේශ කරන එකම පෝෂණ අතිරේකය ෆෝලික් ඇසිඩ් පමණයි. ආහාරයට අමතරව දිනකට මයික්‍රො ග්‍රෑම් 400ක් පමණ අවශ්‍ය අතර ලංකාවේ ඇති මිලි ග්‍රෑම් 1ක පෙත්තක් දිනපතා ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින් නිසා ගැබ් ගැනීමේ හැකියාව වැඩි වෙන්නේ නැති අතර පුරුෂයාට ද විශේෂ විටමින් අවශ්‍ය නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK