VOG.LKReels

ගර්භණී සමයේදී පැරසිටමෝල් ගැනීම සුදුසුද?

ඔව්. නියමිත මාත්‍රාවට ගන්නා පැරසිටමෝල් නිසා දරුවාට හානියක් වෙන බවට සාක්ෂියක් නැහැ. වේදනාවකට හෝ උණට මිලි ග්‍රෑම් 500 පෙති 2 බැගින් දිනකට තුන් වරක් ගන්න පුළුවන්. නමුත් පැරසිටමෝල් අඩංගු වෙනත් ඖෂධ සමග ගත්තොත් මාත්‍රාව වැඩි වී මවගේ අක්මාවට හානි වෙන්න පුළුවන්. වෙනත් වේදනා නාශක වෛද්‍ය උපදෙස් නැතිව ගැනීම සුදුසු නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK