ගර්භණී සමයේදී ගස්ලබු, අන්නාසි කෑම හානිකරද?
ඉදුණු ගස්ලබු හෝ අන්නාසි කෑම නිසා ගබ්සාවක් වෙන බවට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. කලින් සැක කළේ නොඉදුණු ගස්ලබු වල ඇති රසායනයක් ඉතා අධික මාත්‍රාවකින් ගත්තොත් පමණයි. දිනකට වරක් හෝ දෙවරක් කෑල්ලක් කෑමෙන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. ඒ ගැන බිය විය යුතු නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK