VOG.LKReels

ඩිම්බ කෝෂයේ ගෙඩි සඳහා ප්‍රතිකාර මොනවාද?

ස්කෑන් පරීක්ෂණයකින් ඩිම්බ කෝෂයේ ගෙඩියක් හඳුනා ගත් පමණින් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. සමහර ගෙඩි ඉබේම හැකිළී යන නිසා වරින් වර ස්කෑන් කර බැලීම ප්‍රමාණවත්. නමුත් පිළිකා අවදානමක් ඇති ගෙඩියක් ඉක්මනින් ඉවත් කිරීම අවශ්‍යයි. දරු ඵල අපේක්ෂා කරන විට එන්ඩොමෙට්‍රියෝසිස් ගෙඩියක් ඉවත් කිරීමට නිර්දේශ කරන්නේ ලැපරොස්කොපි සැත්කමයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK