යකඩ බහුල ආහාර මොනවාද?
යකඩ පහසුවෙන්ම අවශෝෂණය වෙන්නේ රතු මස්, මාළු, හාල්මැස්සන්, කරවල වැනි සත්ව ආහාර වලින්. කොළ පැහැති පලා වර්ග වලින් ලැබෙන යකඩ අවශෝෂණය අඩු නිසා මස් මාළු නොගන්නා අය ඒවා තරමක් වැඩිපුර ගත යුතුයි. සති 12න් පසු ලබා දෙන යකඩ පෙත්ත ආහාරයට අමතරව ගත යුතු දෙයක් මිස ආහාර වෙනුවට නොවෙයි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK