ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීම සිදුකරන්නේ කෙසේද?
ලැපරොස්කොපි ක්‍රමයේදී ගර්භාෂය ඉවත් කරන්නේ උදරයේ ඉතා කුඩා කැපුම් කිහිපයක් හරහා කැමරාවක් සහ සියුම් ශල්‍ය උපකරණ ඇතුල් කිරීමෙන්. තිරයේ විශාල කර පෙනෙන දර්ශනය බලා ගර්භාෂය අනෙක් අවයව වලින් වෙන් කර බොහෝ විට යෝනි මාර්ගය හරහා පිටතට ගන්නව. ඉන් පසු යෝනි මාර්ගයේ කෙළවරට සහ උදරයේ කුඩා කැපුම් වලට මැහුම් යොදනව.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK