මාස තුනෙන් පසු රුධිර වහනය බරපතළද?
මාස තුනෙන් පසු රුධිර වහනය සුලභ නැහැ. ප්‍රධාන හේතු දෙක වැදෑමහ ගර්භාෂයේ පහළ කොටසේ පිහිටීම (placenta praevia) සහ වැදෑමහ ගැලවීම (placental abruption). මේ දෙකෙන්ම මවට අධික රුධිර වහනයක් සහ දරුවාට ඔක්සිජන් අඩු වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් රෝහල් ගත විය යුතුයි; scan පරීක්ෂණයෙන් පසු ඉක්මනින් සිසේරියන් සැත්කමක් හෝ රුධිර පාරවිලයනයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ප්‍රසූතියට ආසන්නයේ ශ්ලේෂ්මල සහිත සුළු රුධිර වහනයක් සාමාන්‍යයි; නමුත් අධික නම් වෛද්‍ය උපදෙස් ගන්න.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK