VOG.LKReels

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම ඇතිවන්නේ ඇයි?

පිළිසිඳ ගැනීම සිදුවන්නේ පැලෝපීය නාලය තුළයි; ඉන් පසු කලලය ගර්භාෂයට ගමන් කරනවා. නාලයේ අවහිරතාවයක් හෝ කලින් ඇති වූ ආසාදනයක් නිසා කලලය අතරමඟ නතර වෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතිවත් ඩිම්බකෝෂයට හෝ උදර කුහරයට යන්න පුළුවන්; කලින් සිසේරියන් සැත්කමක් කළ මවකගේ කැළල තුළත් රැඳෙන්න පුළුවන්. උදර වේදනාව, රුධිර වහනය සහ scan පරීක්ෂණයේදී ගර්භාෂය තුළ දරු ගැබක් නොපෙනීම තමයි හඳුනාගන්නා ප්‍රධාන ක්‍රම.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK