VOG.LKReels

ගබ්සාවක් ඇති බව හඳුනාගන්නේ කෙසේද?

ගැබ් ගැනීම් අටකින් එකක් පමණ ගබ්සාවකින් කෙළවර වෙනවා; ගබ්සාව ඉතා සුලභයි. ජානමය හෝ වෙනත් අසාමාන්‍ය තත්ත්වයක් තියෙන දරු ගැබක් ස්වභාවිකව පිට කිරීමේ ක්‍රමයයි; මවගේ වරදක් හෝ රෝගයක් නෙමෙයි. ප්‍රධාන රෝග ලක්ෂණ දෙක යෝනි මාර්ගයෙන් රුධිර වහනය සහ වරින් වර ඇතිවන තද උදර වේදනාවයි. වමනය, ඔක්කාරය අඩු වෙන්නත් පුළුවන්, නමුත් එයින් අනිවාර්යයෙන්ම ගබ්සාවක් කියන්නේ නැහැ. තහවුරු කරගන්නේ scan පරීක්ෂණයකිනුයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK