VOG.LKReels

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම අවදානම් වන්නේ ඇයි?

කලාතුරකින් දරු ගැබ පැලෝපීය නාලයක හෝ ගර්භාෂයෙන් පිටත වෙනත් තැනක පිහිටනවා; මේක ectopic pregnancy. ගර්භාෂය දරුවෙක් දක්වා විශාල වෙන්න හැකි අවයවයක්; නමුත් පැලෝපීය නාලයට එසේ විශාල වෙන්න බැහැ. ඒ නිසා එය පුපුරා උදර කුහරය ඇතුළට රුධිර වහනයක් වෙන්න පුළුවන්; රුධිර පීඩනය අඩු වී ක්ලාන්ත වෙන්න, ජීවිතයට පවා අවදානමක් වෙන්න පුළුවන්. මුල් කාලයේ රුධිර වහනයක් හෝ විශේෂයෙන් උදරයේ වේදනාවක් තියෙනවා නම් ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK