කාන්තාවන්ට ඇතිවන පිළිකා මොනවාද?
කාන්තාවන්ට විශේෂ පිළිකා ඩිම්බකෝෂ, ගර්භාෂයේ ඇතුළත බිත්තිය (endometrium), ගැබ් ගෙල සහ පියයුරු ආශ්‍රිතව ඇතිවෙනවා. ගැබ් ගෙල පිළිකාව pap smear පරීක්ෂණයෙන් අවුරුදු 10–15ක් කලින් හඳුනා ගන්න පුළුවන්. ආර්තවහරණයෙන් පසු රුධිර වහනයක් හෝ වයස 40ට වැඩි කාන්තාවකට අක්‍රමවත් අධික රුධිර වහනයක් වෙනවා නම් ගර්භාෂය ඇතුළත පිළිකාවක් ගැන සැක කරලා පරීක්ෂා කළ යුතුයි. මේ දෙකම කලින් හඳුනා ගත්තොත් සුව කරන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK