ලැපරොස්කොපි සැත්කමක් කරන්නේ කෙසේද?
ලැපරොස්කොපි සැත්කමකදී උදරයේ යොදන්නේ ඉතා කුඩා කැපුම් තුනක් හෝ හතරක් පමණයි. පළමු කැපුම නාභිය ඇතුළත, පිටතට නොපෙනෙන තැනක; එතැනින් සෙන්ටිමීටරයක පමණ කැමරාවක් ඇතුළු කරනවා. පහළින් සෙන්ටිමීටර් භාගයක කැපුම් දෙකක් හරහා සියුම් උපකරණ යොදා සැත්කම කරනවා. තුවාල දින 5–6කින් සුව වෙනවා; ආසාදන, රුධිර වහනය සහ වේදනාව අඩුයි. ගර්භාෂය ඉවත් කිරීම වගේ විශාල සැත්කමකින් පසුවත් එදා රෑ හෝ පසුදා උදේ ගෙදර යන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK