ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමේ අවදානම් මොනවාද?
ඕනෑම ශල්‍යකර්මයක අවදානමක් තියෙනවා: තුවාල ආසාදනය, රුධිර වහනය සහ ඇතුළත ඉන්ද්‍රියකට හානි වීම. ලැපරොස්කොපි සැත්කමකදී කැපුම් කුඩා නිසා ආසාදන සහ රුධිර වහනය අඩුයි; ඉක්මනින් පුරුදු වැඩට යන්නත් පුළුවන්. ප්‍රතිජීවක සහ වේදනා නාශක ඖෂධත් ලබා දෙනවා. කලාතුරකින් ඉන්ද්‍රියකට හානියක් වුණොත් ඒ අවස්ථාවේම එය සකස් කරනවා.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK