වෙනත් රෝග තියෙන කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්ද?
හෘද ආබාධ වැනි රෝග තියෙන කාන්තාවන්ට සමහර වෙලාවට සිහි නැති කිරීම කරන්න බැහැ. ඒ වගේ වෙලාවක, සිසේරියන් සැත්කමකදී වගේ කොන්දට විදින එන්නතකින් ඉණෙන් පහළ හිරිවට්ටලා, යෝනි මාර්ගය හරහා ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්. සිහි නැති කිරීමක් අවශ්‍ය නැති නිසා අවදානම අඩුයි.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK