තරුණ කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කරනවාද?
ගර්භාෂය ඉවත් කරන සැත්කම බොහෝවිට කරන්නේ අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට. තරුණ කාන්තාවකට ගෙඩියක් ඇතිවුණොත් ගෙඩිය පමණක් ඉවත් කරලා ගර්භාෂය ඉතුරු කරනවා; දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. ගර්භාෂයේ කැළලක් තියෙන නිසා පසුව ගර්භණී වුණාම විශේෂ සැලකිල්ලක් දක්වනවා; සමහරවිට සිසේරියන් සැත්කමක් නිර්දේශ කරන්න සිදුවෙනවා.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK