ගර්භාෂයේ ගෙඩි නැවත ඇතිවෙන්න පුළුවන්ද?
ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් හැදෙන්න වසර ගණනාවක් යනවා. සැත්කමකින් පසු අලුත් ගෙඩියක් ඇතිවෙනවා නම් අඩුම තරමේ වසර දෙකක් හෝ පහක් ගත වෙනවා. නැවත ගෙඩියක් ඇතිවූ පමණින් ශල්‍යකර්මයක් අවශ්‍ය නැහැ. රෝග ලක්ෂණ නැත්නම් ඒ විදිහටම තියන්න පුළුවන්; තියෙනවා නම් ඊට සුදුසු ප්‍රතිකාරය තීරණය කරනවා.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK