VOG.LKReels

බෙහෙත්වලින් ගර්භාෂයේ ගෙඩි සුව කරගන්න පුළුවන්ද?

ඖෂධවල අරමුණ ගෙඩිය සුව කිරීම නෙමෙයි; අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණ පාලනය කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ දීමයි. ගෙඩිය කුඩා කරන හෝමෝන ඖෂධ මාස තුනක් පමණ දෙන්නේ, හෘද රෝගයක් වැනි හේතුවක් නිසා ශල්‍යකර්මයකට යාමට අපහසු කාන්තාවකට පමණයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK