කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බ පිටවීම සිදුවෙනව. මේ ක්‍රියාවලිය නිසි ලෙස පැවතුනොත් තමයි ඇයට ගැබ් ගැනීමට හැකි වන්නේ. එ වගේම ඩිම්බ කෝෂ වල ඩිම්බ පිට වීමට සැකසෙන තරලයෙන් පිරි බුබුලක් වැනි ව්‍යුහයක් තිබෙනව. එය follicle ලෙස හැඳින්වෙන අතර මේ මගින් තමයි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන කාන්තා හෝමෝන නිපදවෙන්නෙ. මාසිකව චක්‍රයක් ලෙස මෙම හෝමෝන මට්ටම වෙනස් වීම සිදු වෙනව.
ගැහැනු දරුවෙක් උපදින විට ඩිම්බ කෝෂ වල ප්‍රාථමික ඩිම්බ සෛල විශාල සංඛ්‍යාවක් තිබෙනව. මින් 400ක් පමණ නිසි ලෙස වර්ධනය වීමට හැකියාව ලැබෙනව. එම නිසා මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා මාසිකව 400 වරක් පමණ ඩිම්බ පිට වීමට හැකියාව තිබෙනව. විවිධ හේතු නිසා මෙලෙස වර්ධනය විය හැකි ප්‍රාථමික ඩිම්බ සෛල ප්‍රමාණය වෙනස් වෙනව. ඒ නිසා එක කාන්තාවට ජීවිත කාලය තුල පිට කල හැකි ඩිම්බ ප්‍රමාණය වෙනස්. දල වශයෙන් වයස අවුරුදු 51ක් පමණ වන විට මෙලෙස පිට විය හැකි ඩිම්බ ප්‍රමාණය අවසන් වෙනව. මෙය වයස අවුරුදු 45 සිට 55 අතර කාලය තුල සිදු වෙන්න පුළුවන්.
මෙම කාලය ආර්ථවහරනය ලෙස හඳුන්වනව. ඉන් පසු ඔසප් වීමක් සිදු වෙන්නේ නැහැ. ඩිම්බ කෝෂවල මෙම ක්‍රියාවලිය නැවතීමත් සමගම එමගින් නිපදවන ඊස්ට්‍රජන් හෝමෝන මට්ටමත් ශරීරයේ අඩු වෙනව. ඊස්ට්‍රජන් හෝමෝනය මගින් තමයි කාන්තාවගේ සම, හිස කෙස්, පියයුරු, ප්‍රජනක අවයව, අස්ථි වල නිසි පරිදි පවත්වා ගන්නේ. මෙය අඩු වීම නිසා ඇයට වයස් ගතවීමේදී මෙම අවයව වල ඇතිවෙන ලක්ෂණ මතු වීමට පටන් ගන්නව.
ඊට අමතරව පහත රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්
Hot flushes (විශේෂයෙන් මුහුණ සහ ගෙල ප්‍රදේශයේ එකවරම ඇතිවෙන දැවිල්ලක් වැනි තත්වයක්)
Night sweats (රාත්‍රි කාලයේ අධික ලෙස දහඩිය දැමීම)
යෝනි මාර්ගයේ වියලි ස්වභාවය
නින්ද අඩු කම
මානසික ආතතිය, අසහනකාරී ස්වභාවය
ලිංගික ආශාවන් අඩු වීම
මතකය සහ අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වීම
මෙම රෝග ලක්ෂණ ඔසප් වීම සම්පූර්ණයෙන් නතර වීමට මාස ගණනාවකට කලින් සිටම ඇති වෙන්න පුළුවන්.
ආර්ථවහරනයට ප්‍රධාන හේතුව වන්නේ ඩිම්බ කෝෂ තුල තිබූ ප්‍රාථමික ඩිම්බ සෛල ප්‍රමාණය අවසන් වීම නිසා ඩිම්බ කෝෂ අක්‍රිය වීම. නමුත් සමහර කාන්තාවන් විවිධ රෝග තත්වයන් නිසා මෙය කලින් සිදු වන අවස්තා තිබෙනව. එමෙන්ම ශල්‍යකර්මයක් මගින් ඩිම්බ කෝෂ ඉවත් කරන අවස්තාවකදී ත් එම කාන්තාව කලින් ආර්ථවහරනයට ලක්වෙනව. පිළිකා සඳහා ගන්නා සමහර ප්‍රතිකාර නිසාත් ඩිම්බ කෝෂ අක්‍රිය වී එම කාන්තාවන් ආර්ථවහරනයට ලක් වෙනව.
ඔබට මේ රෝග ලක්ෂණ ඇති නම් හෝ මේ ගැන සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙම රෝග ලක්ෂණ දරුණු ලෙස බලපාන අවස්තාවකදී ලබා ගත හැකි ප්‍රතිකාර තිබෙනව. නමුත් සෑම කාන්තාවට ම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. එය ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර තීරණය කිරීම සුදුසුයි.
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය වෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ඖෂධ ලෙස ලබා දීම. එම හෝමෝන අඩු වීම නිසා ඇති වන සියලු ම රෝග ලක්ෂණ මෙම ප්‍රතිකාරය මගින් පාලනය කරන්න පුළුවන්. හෝමෝන ප්‍රතිකාර පෙති වශයෙන් ලබා ගැනීමට තිබෙනව. එමෙන්ම ඊස්ට්‍රජන් හෝමෝනය ආලේපනයක් ලෙස ලබා ගැනීමට තිබෙනව. මෙම හෝමෝන ප්‍රතිකාර ඉතාමත් සාර්ථක ලෙස රෝග ලක්ෂණ අඩු කරන නමුත් ඒවා භාවිතය ඉතා අඩුයි. මෙයට හේතුව දැනට වසර 15කට පමණ පෙර හෝමෝන ප්‍රතිකාර වල අතුරු ආබාධ අතිශයෝක්තියෙන් ප්‍රසිද්ධ වූ වෛද්‍ය පර්යේෂණ වාර්තා දෙකක්. WHI study (USA) සහ MWS (Oxford UK) මගින් ප්‍රකාශයට පත් වූ අතුරු ආබාධ ගැන වාර්තා නිසා බොහෝ කාන්තාවන් මෙම හෝමෝන ප්‍රතිකාර ගැනීමට බිය වුනා. එම නිසා මිලියන ගණනක් කාන්තාවන්ට තම රෝග ලක්ෂණ වලින් මිදීමට තිබූ අවස්ථාව අහිමි වුනා. නමුත් දැන් ප්‍රකාශයට පත්වී
ඇති නවතම වෛද්‍ය පර්යේෂණ වාර්තා අනුව මෙම ප්‍රතිකාර එතරම් භයානක නැහැ. එම නිසා රෝග ලක්ෂණ වල ස්වභාවය අනුව ඔබේ වෛද්‍ය වරයා හෝමෝන ප්‍රතිකාර නිර්දේශ කල හොත් ඒව ලබා ගැනීමට බිය විය යුතු නැහැ.
හෝමෝන ප්‍රතිකාර වලට අමතරව නිතිපතා ව්‍යායාම වල යෙදීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු, ශරීරයේ බර පාලනය කිරීම මගින් ආර්ථවහරනය සමග ඇතිවෙන බොහෝ සංකූලතා අවම කර ගන්න පුළුවන්.
හෝමෝන ප්‍රතිකාර වලට ආදේශක ලෙස තවත් ඖෂධ වර්ග රාශියක් දැනට භාවිතා කරනව.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON